ජූලි 9 ජනාධිපති කාර්යාලයට පළමුවෙන් ඇතුළු වූ විරෝධතාකරු අත්අඩංගුවට
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයට ප්‍රථම වරට කඩා වැදුණු අයෙකු ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයෙකු උතුරු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2022 ජුලි 09 වන දින පැවති මහජන විරෝධතාවයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට අනවසරයෙන් ඇතුළුවීම සහ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු පන්නිපිටිය පරණ පාර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම පුද්ගලයා පිහියක් ළඟ තබාගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට කඩා වැදීම වැළැක්වීමට ආරක්ෂක නිලධාරීන් උත්සාහ කිරීමේදී ඔහුගේ ගෙල කපා ගන්නා බවට තර්ජනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
ඔහුගේ ක්‍රියාව නිසා අනෙකුත් විරෝධතාකරුවන්ට ආරක්ෂක බාධක බිඳගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට හැකි වූ බව පොලිසිය පවසනවා.
උතුරු කොළඹ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
The post ජූලි 9 ජනාධිපති කාර්යාලයට පළමුවෙන් ඇතුළු වූ විරෝධතාකරු අත්අඩංගුවට appeared first on ITN News.