ඉන්ධන පෝලිම් අඩු වෙයි
ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුගත වෙමින් දිවයින පුරා පිහිටි සියලු ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කිරීම සිදුවනවා.
පෙර පැවති පෝලිම් දක්නට නොලැබෙන අතර බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව ලැබී ඇති බවයි පාරිභෝගිකයින් පවසන්නේ. කෙසේ වුවද ඩීසල් ලබා ගැනීම සදහා තවදුරටත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල වාහන පොලිම් දක්නට ලැබෙනවා.
විදෙස් සංචාරකයින් සදහා ඉන්ධන අවසර පතක් ගුවන්තොටුපොළේදීම ලබා ගැනීමට පහසුකම් සැපයීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. වැඩි මිලට අලෙවි කිරීම සදහා ඩීසල් ලීටර් හයදහස් හයසියයක් සහිත බවුසරයක් මීගොඩ ප්‍රදේශයට රැගෙන විත් තිබියදී ඊයේ අත්අඩංගුවට ගැනුණා.
The post ඉන්ධන පෝලිම් අඩු වෙයි appeared first on ITN News.