නුවර පෙරහැර නැරඹීමට ගොස් අතුරුදන් වූ දරුවා හමු වෙයි
මහනුවර ඇසළ මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර නැරඹීමට ගොස් අතුරුදන් වූ නව හැවිරිදි පිරිමි දරුවා මහරගම පොලීසිය මගින් අද දෙමව්පියන්ට භාරදුන්නා.
නාදුනන පුද්ගලයෙකු විසින් පැහැරගෙන යමින් සිටියදී මෙම දරුවා දුම්රිය මගීන්ගේ දැඩි විමසිලිමත්කම නිසා නිරුපද්‍රිතව යළි මව්පියන්ට භාරදීමට හැකි වූ බවයි මහරගම පොලීසිය පවසන්නේ.
මහනුවර ඇසල මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර නැරඹීමට සිය මව සමග පැමිණි වයස අවුරුදු 9 ක් වූ මෙම පිරිමි දරුවා රාත්‍රී 10 ට පමණ එම ස්ථානයෙන් අතුරුදන්ව සිටි බවයි මහනුවර පොලීසියට වාර්තාකර තිබුණේ. මෙලෙස අතුරුදන්ව සිටියේ මයිලපිටියේ පදිංචිව සිටි මයිලපිටිය විදුහලේ අධ්‍යාපනය ලබන සිසුවෙකි. මහනුවර මහනගර සභාවේ කම්කරුවෙකු ලෙස සේවය කරන මව පෙරහැර අවසන්වීමෙන් පසු ඔරලෝසු කණුව අසල බුලත් අලෙවියේ නිරත වූ දරුවාගේ මිත්තණිය අසල දරුවා රදවා තබා නගර සභාවට ගොස් තිබෙනවා.
ඇය යළි පැමිණෙන අවස්ථාවේ දී දරුවා එම ස්ථානයේ නොසිටි බවයි මව පොලීසියට ප්‍රකාශය කර තිබුණේ. දරුවා පැහැරගෙන ගොස් ඇත්තේ මහනුවර ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ඔහු දරුවා රවටා අදාළ ස්ථානයෙන් ඉවතට ගොස් දුම්රියෙන් කොළඹ පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රියේ කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා රාත්‍රී 8 ට ධාවනය වූ දුම්රියෙන් මෙම දරුවා රැගෙන යද්දී දුම්රියේ ගිය මගීන්ට අදාළ පුද්ගලයා සහ දරුවා පිළිබද සැක පහළ වී තිබේ.
දරුවා දිගින් දිගටම අදාළ පුද්ගලයා ප්‍රතික්ෂේප කළ බවයි දුම්රිය මගීන් පවසන්නේ. එම අවස්ථාවේදී දුම්රිය මගීන් දරුවා පිළිබද ප්‍රශ්න කර තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ දරුවාගේ මව ඔහුට දරුවා භාරදුන් බවයි. දුම්රිය මගීන්ගේ අඛණ්ඩ ප්‍රශ්න කිරීම් හමුවේදී සැකකරු පලායාමට උත්සාහ දරද්දී ඔහු අල්ලා ගැනීමට පිරිස කටයුතු කර තිබුණා. මහරගම පොලීසිය වහාම දැනුවත් කර නුගේගොඩ දුමිරිය ස්ථානයෙන් ඔවුන් බස්සවා සැකකරු අත්අඩංගුවටයි කටයුතු කර තිබුණේ. මව සහ පියා ද මහරගම පොලීසියට පැමිණ සිටියා.
The post නුවර පෙරහැර නැරඹීමට ගොස් අතුරුදන් වූ දරුවා හමු වෙයි appeared first on ITN News.