සමාජ මාධ්ය ක්රියාකාරිකයන්ගේ එකමුතුව ගාලු මුවදොර මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කරයි
සමාජ මාධ්ය ක්රියාකාරිකයන්ගේ එකමුතුව ගාලු මුවදොර මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
ගාලුමුවදොර කේන්ද්‍ර කර ගනිමින් බිහිවූ ගෝඨාගෝ ගම විරෝධතා කණ්ඩායමේ ආරම්භයේ සිටම ක්‍රියාකාරී කණ්ඩායමක් ලෙස සමාජ මාධ්ය ක්රියාකාරිකයන්ගේ එකමුතුව කටයුතු කළා. මේ අනුව ගාලුමුවදොර අරගලභූමියේ මෙහෙයුම් නතර කිරීමට තීරණය කළ සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව සඳහන් කරන්නේ ජනතා ඉල්ලීම් දිනාගන්නා තෙක් අරගලය පවත්වාගෙන යා යුතු බවට තම එකමුතුව විශ්වාස කරන බවයි.
ගාලු මුවදොර අරගලයට අදට දින 120ක් සපිරෙනවා. අරගල භූමියේ සිටි පිරිසක් ඊයේ එම ස්ථානයෙන් ඉවත්ව ගිය අතර ඔවුන්ගේ කූඩාරම් කිහිපයක් ද ඉවත් කර ගත්තා.
දින 110ක් පුරාවට බදුල්ල ප්‍රධාන බස් නැවතුම් පොල ඉදිරිපිට පවත්වාගෙන ගිය ගෝඨාගෝ ගම ඊයේ පස්වරුවේ ඉවත්කර ගැනුනා. එසේ ඉවත් කර ගැනීමට පෙර විරෝධතාකරුවන් උද්ඝෝෂණයක් හා ජන හමුවක්ද පැවැත්වුවා.
The post සමාජ මාධ්ය ක්රියාකාරිකයන්ගේ එකමුතුව ගාලු මුවදොර මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කරයි appeared first on ITN News.