සර්ව පාක්ෂික සාකච්ඡාවල යෝජනා අද සියලුම පක්ෂවලට
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහටුවීම සදහා පක්ෂ ඉදිරිපත් කළ යෝජනා පිළිබද සියලු පක්ෂ දැනුවත් කිරීම අද දිනයේ සිදු කිරීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම දැනුවත් කිරීම සිදු කෙරෙනු ඇති.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබද සාකච්ඡා කිරීම සදහා පක්ෂ ගණනාවක සාමාජිකයින් පසුගිය දින කීපයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුනා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රගතිශීලී කණ්ඩායම ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම සිවිල් සංවිධාන ද මෙම සාකච්ඡාවලට එක්වුණා.
The post සර්ව පාක්ෂික සාකච්ඡාවල යෝජනා අද සියලුම පක්ෂවලට appeared first on ITN News.