ක්රිමියා ගුවන්තොටුපොළට එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මකයි
ක්‍රිමියාවේ ගුවන්තොටුපොළට එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වනවා. චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීම අනුව පෙනී ගොස් ඇත්තේ රුසියා ගුවන් යානා 8 ක් පමණ මෙහිදී විනාශ වී ඇති බවයි.
රුසියා පාලනය යටතේ පවතින ක්‍රිමියා ගුවන්තොටුපොළට දැඩි හානි සිදු වී ඇති බව චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ තහවුරු වී තිබෙනවා. මෙම ප්‍රහාරයට යුක්රේනය වගකීම භාරගෙන නොතිබුණද බොහෝ විට යුක්රේන හමුදා ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි විචාරකයන් පවසන්නේ.
ගුවන්තොටුපොළ අවට රුසියා ගුවන් යානා කිහිපයක් විනාශ වී තිබෙන ආකාරයද දැකගැනීමට ලැබුණා. ක්‍රිමියාව 2014 වසරේ සිට රුසියා පාලනය යටතේ පවතිනවා.
The post ක්රිමියා ගුවන්තොටුපොළට එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මකයි appeared first on ITN News.