සැම්සුන් සමාගමේ උප සභාපතිට ජනාධිපති සමාව
දකුණු කොරියාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම ඉලක්ක කර ගනිමින් සැම්සුන් සමාගමේ උප සභාපති ජේ වයි ලීට වීශේෂ ජනාධිපති සමාවක් ලබා දී තිබෙනවා.
හිටපු ජනාධිපති පාක් ග්වෙන් යේ හට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් වැරදිකරුවී වසර 5ක දඩුවමකට සැම්සුන් සමාගමේ උප සභාපතිවරයා ලක්ව සිටිනවා. ඔහු මේ වන විට මාස 19 ක කාලයක් බන්ධනාගාර ගතව සිට ඇති අතර විශේෂ ජනාධිපති සමාව යටතේ යළි ව්‍යාපාරික ක්ෂේත්‍රයට පැමිණීමට නියමිතයි.
විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් සිරගතවීමට ලක්ව සිටින දකුණු කොරියාවේ ව්‍යාපාරික නායකයන් කිහිප දෙනෙකුටම මේ වසර තුලදී සමාව ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ අතර එස් ටී එක්ස් ගෘෘප් සමාගමේ සහ ඩොන්කුක් සමාගමේ සභාපතිවරුන්ද සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
The post සැම්සුන් සමාගමේ උප සභාපතිට ජනාධිපති සමාව appeared first on ITN News.