හදිසි නීතියට එරෙහි පෙත්සම් 03ක් විභාගයට අවසර
ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීති රෙගුලාසි පැනවීම තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් විභාගයට ගැනීමට ශ්රේෂ්ඨාධිකරණය අද (12) අවසර ලබාදී තිබේ.