රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල අධිකරණයට රැගෙන එයි
සිරදඩුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල අධිකරණය වෙත අද රැගෙන ආවා.
නීතිවිරෝධී ලෙස ගිනි අවියක් ළග තබා ගැනීම සහ හඩපට ප්‍රසිද්ධියට පත් කිරීමට අදාළ නඩුවකට ඉදිරිපත් කිරීම සදහායි ඔහු මෙසේ රැගෙනවිත් ඇත්තේ. රන්ජන් රාමනායක මහතා වෙත පොදු සමාවක් ලබා ගැනීමට නම් ඔහු අතින් සිදුව ඇති වරදට කණගාටුව ප්‍රකාශ කරමින් දිවුරුම් පෙත්සමක් ලබා ගැනීමට සිදුවන බව විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශයට පත්කළා.
මේ ගැන අධිකරණ භූමියෙන් ඉවත් වෙමින් සිටි රන්ජන් රාමනායක මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
The post රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල අධිකරණයට රැගෙන එයි appeared first on ITN News.