නිවස සෝදිසි කිරීමට ට්රම්ප්ගේ විරෝධයක් නැහැ
සිය නිවස සෝදිසි කිරීමට ෆ්ලෝරීඩා අධිකරණයක් මගින් ලබාදුන් නියෝගය ප්‍රසිද්ධ කිරීමට තමන් විරුද්ධ නොවන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ මෙම සෝදිසි කිරීමේ ක්‍රියාවලිය දේශපාලනික පළිගැනීමක් බවයි. ඊට එරෙහිව තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා. අපරාධ වරදක් සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපතිවරයෙකුගේ නිවසක් සෝදිසි කිරීමට ලක්වූ පළමු අවස්ථාව මෙයයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන්ට සිය ධුරකාලවලදී සිදුකෙරෙන පෞද්ගලික ගනුදෙනු ඇතුළු සියලු තොරතුරු තමන් සන්තකයේ තබා ගැනීමට නීතියෙන් හැකි වන්නේ නැහැ. ඇමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා ඇතැම් තොරතුරු සගවා ඇති බවයි.
The post නිවස සෝදිසි කිරීමට ට්රම්ප්ගේ විරෝධයක් නැහැ appeared first on ITN News.