වරායේ මෙහෙයුම් කාර්යක්ෂම කිරීමට ටග් යාත්රා 2ක් මිලදී ගැනීමට යයි
වරායේ මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සදහා තවත් ටග් යාත්‍රා දෙකක් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී දුන්නා.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ක්‍රියාකාරී මට්ටමේ ටග් යාත්රා 7 ක් පවතිනවා. ඊට අමතරව තවත් ටග් යාත්‍රා දෙකක් මිලදී ගැනීමටයි මෙසේ උපදෙස් දී තිබෙන්නේ. අමාත්‍යවරයා පසුගියදා ටග් යාත්‍රා අංශයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදී අනාවරණය කරගත් කරුණු මත පදනම්ව මෙම තීරණයට එළඹ තිබෙනවා.
ටග් යාත්‍රා ප්‍රමාණය වැඩි කිරීම හේතුවෙන් දැනට මෙහෙයවන විශාල ප්‍රමාණයේ භාණ්ඩ නෞකා හා පෝෂක නෞකා මෙහෙයවීමේදී සිදුවන ප්‍රමාදයන් අවම වී වැඩි කාර්යක්ෂමතාවකින් යුතුව වරාය කටයුතු පවත්වාගෙන යාමට හැකි වනු ඇති.
The post වරායේ මෙහෙයුම් කාර්යක්ෂම කිරීමට ටග් යාත්රා 2ක් මිලදී ගැනීමට යයි appeared first on ITN News.