උසස් පෙළ සිසුන්ට වැදගත් පනිවුඩයක්
2022 වර්ෂයේ දෙසැම්බර් මස උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටීමට නියමිත සිසුන්ට 80% පැමිණීම සලකානොබැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ උපදෙස් විදුහල්පතිවරුන්ට ලබාදී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
උසස් පෙළ සමත් සිසුන් සඳහා හඳුන්වාදුන් පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා. උසස් පෙළ සමත් සිසුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක රජයේ පිළිගත් උපාධි පාඨමාලාවක් හැදැරීම සඳහා 2017 වර්ෂයේ සිට පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වුණා.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2019/2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2022.08.19 දින දක්වා දීර්ඝ කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
The post උසස් පෙළ සිසුන්ට වැදගත් පනිවුඩයක් appeared first on ITN News.