මහබැංකුවේ පාර්ශව කරුවන්ගේ සහභාගීත්ව කමිටුව පිහිටුවයි
ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්‍ය ප්‍රතිපත්ති ස්ථායීතා උපදේශන කමිටුව ප්‍රතිෂ්ඨාපනය කරමින් පාර්ශ්ව කරුවන්ගේ සහභාගීත්ව කමිටුව පිහිටුවා තිබෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා මෙම කමිටුවේ සභාපතීත්වය දරනවා. පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපනික ක්ෂේත්‍ර යේ ප්‍රවීණයන් 13 දෙනෙකු මෙහි සාමාජිකයන් ලෙස ක්‍රියා කරනවා.
ආර්ථික තත්ත්වයන් සහ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිලිබද පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදහස් හා අපේක්ෂා ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ මූලික අරමුණයි. මෙහි සමාරම්භක රැස්වීම මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වුණා.
The post මහබැංකුවේ පාර්ශව කරුවන්ගේ සහභාගීත්ව කමිටුව පිහිටුවයි appeared first on ITN News.