තායිවාන සමුද්රසන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට ඇමෙරිකාව දක්වන දායකත්වයට තායිවානය ස්තූතිය පල කරයි
තායිවාන සමුද්රසන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදය දක්වන දායකත්වයට ස්තූතිය පළකරන බව තායිවානය ප්‍රකාශ කර තිබෙනවා.
තායිවාන විදේශ අමාත්‍යාවරයා පැවසුවේ තායිවානය අවට ආරක්ෂාව තහවුරු කිරීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය කාල සීමාව තුලදී සුවිශේෂී වැඩ කොටසක් ඉටුකළ බවයි. ඇමෙරිකා කතානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයත් සමග කලාපය තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
තායිවාන විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය ලෝක කදවුරක් ලෙස වර්ධනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය ලබා දෙමින් තිබෙන නායකත්වය අගය කරන බවයි. කෙසේ වෙතත් චීනයෙන් එල්ලවන තර්ජන තවමත් අවසන්ව නැති බව තායිවාන ජනාධිපතිනිය පසුගියදා ප්‍රකාශ කළා.
The post තායිවාන සමුද්රසන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට ඇමෙරිකාව දක්වන දායකත්වයට තායිවානය ස්තූතිය පල කරයි appeared first on ITN News.