පුවත්පතේ වාර්තාව ගැන මන්ත්රී නාමල් පරීක්ෂණයක් ඉල්ලයි
පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ දී පදක්කමක් හිමිකර දෙමින් මව්බිමට කීර්තියක් අත්කරදුන් ක්‍රීඩිකා නෙත්මි අහිංසා සම්බන්ධයෙන් මව්බිම පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය තරයේ ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.මේ සම්බන්ධයෙන් විමර්ශන කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නාමල් රාජපක්ෂ මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
නෙත්මි අහිංසා සිය පුහුණුකරු සමඟ පසුගිය 10 වනදා තමා හමුවීමට පැමිණි බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මෙම දෙදෙනාගේ අකමැත්තෙන් මෙම හමුව සිදුවූ බවට මව්බිම පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. එම ප්‍රවෘත්තිය තුළින් තමාගේ මෙන්ම එම ක්‍රීඩිකාවගේ අභිමානයට ද හානිකරමින් සමාජ මාධ්‍ය තුළ විවිධ මඩ ප්‍රචාර සිදුකර ඇති බැවින් මේ පිළිබඳ විමර්ශනය කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නාමල් රාජපක්ෂ මහතා පොලීසිය වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටිනවා.
The post පුවත්පතේ වාර්තාව ගැන මන්ත්රී නාමල් පරීක්ෂණයක් ඉල්ලයි appeared first on ITN News.