යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම මේ සතියේ සිටම ආරම්භ කිරීමට පියවර
යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය මගින් මේ සතියේ සිටම ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.
වත්තල හුණුපිටිය කොමර්ෂල් පොහොර සංස්ථාවේ පැවැති උත්සවයකදීයි අමාත්‍ය මහින්ද අමරවීම මහතා මේ බව සදහන් කලේ. ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ දෙවැනි ආහාර ද්‍රව්‍ය අලෙවිසැල අමාත්‍යවරයා අතින් මෙහිදී විවෘත කෙරුණා. කොමර්ෂල් පොහොර සමාගමේ පොහොර අලෙසැලද මීට සමගාමීව විවෘත කිරීමටයි කටයුතු කෙරුණේ. මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ වී අස්වනු මිලදී ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද දිනයේ දී කැබිනට් මණ්ඩලයට යොමු කරන බවයි.
The post යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම මේ සතියේ සිටම ආරම්භ කිරීමට පියවර appeared first on ITN News.