තලේබාන් සංවිධානයේ ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අත්පත්කරගෙන අදට වසරයි
තලේබාන් සංවිධානයේ ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අත්පත්කරගෙන අදට වසරක් සපිරෙනවා.
පාලන බලය අත්පත්කරගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් ඇෆ්ගනිස්තානයට අද විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කිරීමට තලේබාන් සංවිධානය පියවර ගෙන තිබෙනවා. තලේබාන් සාමාජිකයින් හා ඔවුන්ට පක්ෂපාතී පුද්ගලයින් ප්‍රීතිඝෝෂා නගමින් වීථිවල සංචාරය කරන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. කෙසේ වුවද තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අත්කර ගැනීමත් සමග එරටට ලැබෙන සහනාධාර අත්හිටුවීම හේතුවෙන් දැඩි ආර්ථික අර්බුදයක් හටගත්තා. මේ වනවිට එම ආර්ථික අර්බුදය දරුණුතම මට්ටමට පැමිණ ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. එරට වාර්ෂික අයවැය ඇමෙරිකා ඩොලර් බිලියන 5.5 ක් වන අතර ඉන් 75% කට අධික දායකත්වයක් ලබාදුන්නේ විදෙස් රටවලින්. එමෙන්ම ඔවුන්ට අයත්ව තිබූ ඇමෙරිකා ඩොලර් බිලියන 7 කට අධික වත්කම් අත්හිටුවීමට ඇමෙරිකාව පියවර ගත්තා. එරට සෞඛ්‍ය පද්ධතිය ද සම්පූර්ණයෙන් කඩාවැටීමට ලක්ව තිබෙනවා. මේ අතර ඔවුන්ගේ පාලන බලය යටතේ දිගින් දිගටම කාන්තා අයිතීන් උල්ලංඝනයවීම සිදුවනවා. අධ්‍යාපනය හැදෑරීම, රැකියාවක නිරතවීම ආදී අයිතීන් කප්පාදු කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.
The post තලේබාන් සංවිධානයේ ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අත්පත්කරගෙන අදට වසරයි appeared first on ITN News.