ඉන්දියාවට සහ ශ්රී ලංකාවට වෙන්ව ගමනක් නොමැති බව ජනපති අවධාරණය කරයි

- itnnews.lk

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශ්වයම එකම කාසියේ දෙපැත්තක් බවත් පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරටටම වෙන්ව ගමනක් නොමැති බව සඳහන් කළේය.

ඉතිහාසය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක් කර ඇති නිසා ඉදිරියටත් දෙපාර්ශ්වය එක්ව සිටිය යුතු බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා සහජීවනයෙන් කලාපයේ සහ ලෝකයේ ගැටලු ජය ගැනීමට
කටයුතු කළයුතු බවත් පැවසීය. ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාරක ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාරදීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වුණු අතර එම උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

ගුවන් හමුදා කඳවුර පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ මහතා විසින් පිළිගනු ලැබීය. ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාර ද පිළිගැන්විණ. ඉන්දීය සාගරයේ කුඩා රටක් වන ශ්‍රී ලංකාව ඉන්දියාව ගෝලීය බලවතෙකු ලෙස ඉදිරියට පැමිණෙන භූමිකාව දෙස බලා සිටින බවත්, ඔවුන් සමග අවබෝධයෙන් කටයුතු කිරීමට හැකියාව ආණ්ඩුව සතු බවත් වික්‍රමසිංහ මහතා උත්සව සභාව අමතමින් තවදුරටත් සඳහන් කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශ්වික සබඳතාවලට වසර 75ක් සම්පූර්ණ වන මේ අවස්ථාවේ තවදුරටත් දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට එය අවස්ථාවක් කර ගත යුතු බව ද ජනාධිපතිතුමා
කියා සිටියේය. ඉන්දු ලංකා සබඳතාවලට පමණක් නොව කලාපයට හා ලෝකයට පොදු ගැටලු රාශියක් අප විසින් හඳුනාගෙන ඇති බවත්, ඒවා විසඳා ගැනීමට කඩිනමින් කටයුතු කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රාමායනය ගත් විට එය රටවල් දෙකටම පොදු සාහිත්‍ය වැදගත්කමකින් යුක්ත අතර ඉතා සුළු වෙනස්කම් කිහිපයක් පමණක් පවතී. ඉන්දියාව රාමා වීරයා ලෙස සලකන අතර ශ්‍රී ලංකාව රාමා සහ රාවනා යන දෙදෙනාම වීරයින් ලෙස සලකන බව ජනාධිපතිතුමා පැවසීය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2018 ජනවාරි මස 09 වන දින නවදිල්ලියේ පැවති දෙරටේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාව අතරතුරදි ශ්‍රි ලංකාවේ සමුද්‍ර නිරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාවෙන් ඩෝනියර් වර්ගර්යේ සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානා දෙකක් ලබාදීම කෙරෙහි අවධානය යොමු විය. පසුව ශ්‍රි ලංකා රජයේ එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු රජය විසින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ආරම්භක වසර දෙක සඳහා නොමිලේ ලබා දීමට එකඟ වී ඇත. ඒ නව ගුවන් යානයක් නිෂ්පාදනය කිරීම සඳහා වසර දෙකක පමණ කාලයක් අවශ්‍ය වන බැවිනි. මෙම ප්‍රථම දෙවසර අවසානයේ දී නව ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාර ගුවන් යානාවක් නොමිලේ ලබාදීමට ඉන්දීය රජය සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ශ්‍රී ලංකා රජය විසින් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ නියමයන් සහ කොන්දේසි මත තවත් නව ගුවන් යානායක් ලබාදීමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ මහතා ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

The post ඉන්දියාවට සහ ශ්රී ලංකාවට වෙන්ව ගමනක් නොමැති බව ජනපති අවධාරණය කරයි appeared first on ITN News.

You may also like

- colombogazette.com

Opposition Leade Sajith Premadasa briefed Japan on plans the Samagi Jana Balawegaya has after ending the “corrupt and ruthless” regime. Premadasa met with Japanese Foreign Minister Yōko Kamikawa, Saturday, for a special discussion on Sri Lanka’s current situation. During the meeting, Premadasa briefed Minister Kamikawa on Sri Lanka’s economic crisis and outlined the plans o...

- colombogazette.com

The passenger ferry service will soon resume between Nagapattinam and Kankesanthurai in Sri Lanka. The service was launched again in October last year, after nearly 40 years, but was halted a few days later owing to rough weather. Partnering with the Tiruchi-based SUBHAM Group of Companies, the INDSRI FERRY Services Private Limited has come up […]

- colombogazette.com

Japan says it is ready to resume funding the Light Rail Transit (LRT) project in Sri Lanka once the debt restructuring process is completed. Japan Foreign Minister, Yōko Kamikawa, called on President Ranil Wickremesinghe at the Presidential Secretariat, Saturday. Foreign Minister Kamikawa appreciated the President’s efforts to overcome the economic crisis, as well as pursuing […]

- colombogazette.com

Sri Lanka and CSK young bowling sensation Matheesha Pathirana revealed that he sees MS Dhoni as his father figure. Notably, Pathirana made his IPL debut under the leadership of Dhoni in 2022 and has since become an integral part of the side. During his tenure at the joint-most successful side in the history of the […]

- island.lk

A foreign company that has secured the exclusive right to process applications for Sri Lankan visas stands to earn at least 12.76 billion rupees ($42.5 million) for the same service that a local company had offered virtually free. Chaos broke out at the Bandaranaike International Airport on May Day when VFS Global set up an […]

- island.lk

By Rathindra Kuruwita Election monitoring body People’s Action for Free and Fair Elections (PAFFREL) Friday said that the government was misusing state property at a time when a crucial election is only a few months away. PAFFREL executive director, Rohana Hettiarachchi said that the government has launched a number of initiatives aimed at the coming […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc