නොසෙල්වුණු තෙල් මිල
පළමු වනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනයන් සිදුවන බවට මීට පෙර ප්‍රකාශ කෙරුණ ද ඊයේ දිනයේ ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකිරීමට රජය තීරණය කළා.
සෑම මාසයකම පළමුවනදා සහ 15 වනදා මිල සංශෝධනය කිරීමට රජය තීරණය කළා. ඒ අනුව පසුගිය පළමුවනදා ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කෙරෙනු අතර අනෙක් ඉන්ධන වර්ගවල මිල වෙනස් නොකිරීමටයි තීරණය කෙරුණේ. එමෙන්ම ඊයේ දිනයේදී ද මිල සංශෝධනයක් සිදුකළ යුතු වුවද ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකිරීමටයි රජය තීරණය කළේ. එමෙන්ම එලෙස මිල සංශෝධනයක් නොකිරීම පිළිබද බලශක්ති අමාත්‍යාංශය කිසිදු පැහැදිලි කිරීමක් ද සිදුකර තිබුණේ නැහැ. කෙසේ වෙතත් ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිල මේ වනවිට පහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 88 සත 42 ක් ලෙස සහ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 93 සත 91 ක් ලෙසයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේ දී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ලෝක වෙළෙදපොලේ මිලට සාපේක්ෂව ඉන්ධන මෙන්ම ගෑස් මිල සූත්‍රයන් ද ක්‍රියාත්මක බවයි.
මේ අතර ඉන්ධන ලබාගැනීමට පවතින අපහසුතා මත මෙරටට පැමිණෙන සහ මෙරටින් පිටත්වන ගුවන් යානා සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
ඒ සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඊට එක්වූ ගුවන් සේවා සමාගම් මෙහිදී පෙන්වා දුන්නේ ඉදිරි මාසවල දී සංචාරක සමය ආරම්භ වන බැවින් ඉන්ධන නොකඩවා ලබාදීම අත්‍යවශ්‍ය බවයි. දැනටමත් බොරතෙල් නැව් දෙකක් ශ්‍රී ලංකාවට ළගාවී ඇති බවත් එම ඉන්ධන පිරිපහදු කිරීමේ කටයුතු සපුගස්කන්ද පිරිපහදුවෙන් සිදුකර දිනකට මෙට්‍රික් ටොන් 600 බැගින් ගුවන් යානා සදහා ලබාදිය හැකි බවයි ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජිතයින් මෙහිදී පැවසුවේ.
පස්යාල බටලීය ප්‍රදේශයේදී ලොරි රථවලින් ඉන්ධන ලබා ගෙන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් පොලීසිය හෙළිකර ගත්තා. සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් අතර ඔහු ළග තිබී ඩීසල් ලීටර් 350ක්
මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ බිදවැටීම හේතුවෙන් විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. අද සිට ලබන 19 වනදා දක්වා එලෙස විදුලිය කපාහැරෙන බවයි විදුලිබල මණ්ඩලය සදහන් කළේ.
The post නොසෙල්වුණු තෙල් මිල appeared first on ITN News.