ඉරානයේ මරණ දඬුවම: ඉස්ලාමීය ජනරජය වෙනත් රටවලට වඩා වැඩි කාන්තාවන් මරණ දඬුවමට යටත් කරන්නේ ඇයි?
ඉරානය, ලොව මරණ දඬුවම ක්රියාත්මක කරන මුල් පෙළේ රටවල් පහ අතර නිතර ඉහළින් පසුවුවත්, ඒ වෙනත් කිසිදු රටක් ඉස්ලාමීය ජනරජය තරම් කාන්තාවන් ප්රමාණයකට මරණ දඬුවම දී නැති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසයි. එරට කාන්තාවන්ට මරණ දඬුවම ක්රියාත්මක කරන්නේ ඇයිදැ යි විමසා බැලීම සඳහා ඉරානයේ හා ඉන් පිටත සිටින මානව හිමිකම් ක්රියාකාරීන් සමග BBC සාකච්ඡා කළේ ය.