කාබුල් නුවර ඉස්ලාම් දේවස්ථානයක පුපුරා ගිය බෝම්බයකින් 21 දෙනෙකු ජීවිතක්ෂයට
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ඉස්ලාම් දේවස්ථානයක පුපුරා ගිය බෝම්බයකින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
පිපුරුම සිදුවන අවස්ථාවේ දී දේවස්ථානය තුළ විශාල පිරිසක් රැදී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිද්ධියෙන් පුද්ගලයන් 33 දෙනෙකු තුවාල ලැබුවා. බැතිමතුන් දේව මෙහෙයක නිරත වන අවස්ථාවේදී පුපුරා යාම සිදුව තිබෙනවා. මියගිය පිරිස අතර දේවස්ථානයේ ඉමාම්වරයාද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම ප්‍රහාරය කවුරුන් සිදු කළේද යන්න පිළිබද මෙතෙක් අනාවරණය වී නැහැ. මෙය අයි එස් සටන්කාමීන් සිදුකළ ප්‍රහාරයක් බවයි තලෙයිබාන් හිතවාදී කණ්ඩායම් සදහන් කරන්නේ.
The post කාබුල් නුවර ඉස්ලාම් දේවස්ථානයක පුපුරා ගිය බෝම්බයකින් 21 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.