2007 රූපවාහිනියට පැන්න මර්වින් ඇපයක් නැතිවම එලියට

- itnnews.lk

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා. 2007 වසරේදී රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

2007 වසරේ දෙසැම්බර් 27 වනදා රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී අයුතු ජනරාශියක් ලෙස ක්‍රියාකිරීම ඇතුළු චෝදනා රැසක් මර්වින් සිල්වා මහතාට එල්ල වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකරු  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා වෙත ඉදිරිපත් කෙරුණා.

සැකකරු ඇප මත මුදාහැරීම අනවශ්‍ය බවත් ඔහු මී ළග නඩු දිනයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීම ප්‍රමාණවත් බවත් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. කැලණිය ප්‍රදේශයේ ගව ඝාතනය නතර කළ මෙම සැකකරුට ඇප අනවශ්‍ය බවද මහේස්ත්‍රාත්වරයා මෙහිදී කියා සිටියා. එහිදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ 2007 වසරේ ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් සිදු කළ විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවයි.

ඒ අනුව මර්වින් සිල්වා මහතා මෙම සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දුන් බවත් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද වැඩිදුරටත් උපදෙස් දුන් බවයි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කියා සිටියේ. සැකකාර මර්වින් සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කළේ තම සේවා දායකයාට එල්ල වී ඇති චෝදනා සියල්ල ඇප ලබාදිය හැකි වැරදි බවයි. සිද්ධිය වූ දිනයේ තම සේවා දායකයා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා හමුවීමට ගිය බවත් එම අවස්ථාවේ එහි සිටි වෘත්තීය සමිති නායකයින් සේවකයින් උසිගන්වමින් තම සේවාදායකයාට පහරදීමට සැලසූ බවත් එම නීතිඥවරයා කියා සිටියා.

තමන්ට පහරදීම සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතා පොලීසියට පැමිණිල්ලක් කළත් එම පැමිණිල්ල මේ දක්වා විමර්ශනය කර නොමැති බවයි විත්තියේ නීතිඥවරයා ප්‍රකාශ කළේ. ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ කැලණිය ප්‍රදේශයේ ගව ඝාතනය නතර කළ සැකකරුට ඇප අනවශ්‍ය බවයි. මේ අනුව ලබන නොවැම්බර් 16 වනදා නඩුව යළි කැදවන ලෙසට නියෝග කෙරුණා.

 

 

 

The post 2007 රූපවාහිනියට පැන්න මර්වින් ඇපයක් නැතිවම එලියට appeared first on ITN News.

You may also like

- adaderana.lk

A brazen intruder was captured walking across a jet bridge and onto a busy tarmac before he tried to board a nearby plane at an Australian airport.

- adaderana.lk

The Secretary to the Ministry of Finance Mahinda Siriwardene has been granted a service extension of one year.

- adaderana.lk

Steps are being taken to increase the interest rate of the Employees Provident Fund (EPF) from the existing 9% to 13% with effect from 2023, State Minister of Finance Ranjith Siyambalapitiya said.

- adaderana.lk

Pro-Palestinian protesters were arrested on a handful of U.S. university campuses on Saturday, as activists vowed to keep up the movement seeking a ceasefire in Israel s war with Hamas among other demands.

- adaderana.lk

The Department of Meteorology says that the Intertropical Convergence Zone, where winds from the Northern Hemisphere and Southern Hemisphere converge, is affecting the island s weather conditions.

- island.lk

Zimbabwe and Sri Lanka registered comfortable wins in matches seven and eight of the ICC Women’s T20 World Cup Qualifier in Abu Dhabi under the Tolerance Oval and Zayed Cricket Stadium lights on Saturday. Zimbabwe bounced back from a disappointing loss to Vanuatu on Thursday by registering a comfortable, eight-wicket win over the United Arab […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc