තායිවානය සමඟ නිල වෙළඳ සාකච්ඡා ආරම්භ කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගනී
තායිවානය සමග නිල වෙළෙද සාකච්ඡා ආරම්භ කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබෙනවා.
ඇමෙරිකා කතානායක නැන්සි පෙලෝසිගේ මතභේදාත්මක තායිවාන සංචාරයෙන් පසුව මෙම තීරණය ගැනීම විශේෂත්වයක් වන බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. පළමු වටයේ සාකච්ඡා ඉදිරි කෙටි කාලය තුලදී ආරම්භ කිරීමට නියමිතයි.
වෙළෙදාමට පහසුකම් සැපයීම, ඩිජිටල් වෙළෙද කටයුතු මෙන්ම දූෂණය මැඩලීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවලදී අවධානය යොමු වනවා. ඇමෙරිකා එක්සත් ජනපදය තායිවානය සමග ද්විපාර්ශ්වික සබදතා පැවැත්වීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධයක් පසුගිය කාලය මුළුල්ලේ ඉස්මතු කළා. චීනය සදහන් කරන්නේ තායිවානය තමන්ට අයත් දූපතක් බවයි.
The post තායිවානය සමඟ නිල වෙළඳ සාකච්ඡා ආරම්භ කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගනී appeared first on ITN News.