ණය ප්රතිව්යුහගත කිරීම් ගැන ලංකාව රටවල් 3ක් සමඟ සාකච්ඡා කිරීමට සූදානම්
ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා චීනය සහ ඉන්දියාව ඇතුළු ප්‍රධාන ණය දෙන රටවල්වලට ආරාධනා කරන ලෙස ශ්‍රී ලංකාව ජපානයෙන් ඉල්ලුම් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා. එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සමඟ සාකච්ඡා කිරීමට ලබන මාසයේ ටෝකියෝවට යාමට ද නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ.
“කවුරුහරි කතා කරන්න ඕන, ප්‍රධාන ණය දෙන ජාතීන්ට ආරාධනා කරන්න. අපි ජපානයට එය කරන්න කියන්නම්,” යනුවෙන් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ බවයි රොයිටර් පුවත් සේවය කියා සිටියේ
ශ්‍රී ලංකාව සිය මිත්‍ර රටවලින් ආධාර ලබාගැනීමට අමතරව ඩොලර් බිලියන 2 ත් 3 ත් අතර ණය පැකේජයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද සාකච්ඡා කරමින් සිටින බව වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා.
The post ණය ප්රතිව්යුහගත කිරීම් ගැන ලංකාව රටවල් 3ක් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් appeared first on ITN News.