රිදී පදක්කමක් දිනූ පාලිත බණ්ඩාරට උපන් ගමෙන් උපහාර
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනූ පාලිත බණ්ඩාරට උපන් ගමෙන් උපහාර පිරිනැමුණා.
2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනූ පාලිත බණ්ඩාරට ඔහුගේ උපන්ගම වන පල්ලෙපොලින් හා ඉගෙනුම ලැබූ පාසලවන මිල්ලවාන විද්‍යාලයෙන් මෙසේ උපහාර පිරිනැමීම සිදුවුණා.
පල්ලෙපොල නගරයේ සිට රථවාහන පෙළපාලියකින් මිල්ලවාන විද්‍යාලය වෙත පාලිත බණ්ඩාර කැටුව යාම සිදුවන අතර විදුහල්පති පූජ්‍ය ඕපල්ගල චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම මත ආදි ශිෂ්‍ය සංගමය හා ප්‍රදේශවාසීන් මෙය සංවිධාන කර තිබුණා. පල්ලෙපොල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් දිසානායක, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුජීවා වීරසුන්දර යන මහත්ම මහත්මීන් පිරිසක් මීට එක්ව සිටියා
The post රිදී පදක්කමක් දිනූ පාලිත බණ්ඩාරට උපන් ගමෙන් උපහාර appeared first on ITN News.