උතුවන්කන්දට බිලිවූ තරුණිය
මාවනැල්ල උතුවංකන්ද සරදියෙල් ගල නැරඹීමට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තරුණියක් එම පර්වතයෙන් වැටී මියගොස් තිබෙනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරා සහකාර කථිකාචාර්යවරියක් ලෙස සේවය කරමින් සිටි 27 හැවිරිදි විරෂ්මි කොඩිතුවක්කු නමැති තරුණියයි මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ. ඇය විශ්වවිද්‍යාලයේ සිසුවියන් 60 දෙනෙකුට ආසන්න පිරිසක් සමග අද උදෑසන සරදියෙල් ගල නැරඹීමට පැමිණ තිබුණා. උතුවංකන්දේ සිට පාගමනින් කන්ද තරණය කර ඇති අතර කන්දේ ඉහළ කොටසේ දී පය ලිස්සා යාමෙන් ප්‍රපාතයට පෙරලී ඇති බවටයි සැක කෙරෙන්නේ. එම පිරිස අධ්‍යයන කටයුත්තක් සදහා මෙම ස්ථානයට පැමිණ ඇති බවයි මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ලසන්ත කලුආරච්චි මහතා පැවසුවේ. ඇල්පිටිය මගුරුකඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණියගේ දේහය මේ වනවිට මාවනැල්ල මහ රෝහලේ තැන්පත්කර තිබෙනවා.
The post උතුවන්කන්දට බිලිවූ තරුණිය appeared first on ITN News.