අරගලය හේතුවෙන් ගාලු මුවදොර භූමියට සිදුව ඇති හානිය රු. ලක්ෂ 49 ක් – නාගරික සංවර්ධන අධිකාරිය
අරගලය හේතුවෙන් ගාලු මුවදොර භූමියට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 49 ක් බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.
අරගලය හේතුවෙන් ගාලුමුවදොර භූමියට සිදුව ඇති අලාභය පිළිබද තක්සේරුවක් ලබා ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. එම භූමිය යළි සැකසිම සදහා මූලික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක් සහ තණපිඩලි ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ හතලිස් හතහමාරක් වැය වන බවයි නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කරන්නේ.ගාලු මුවදොර පිටියට සිදුව ඇති හානියට වන්දි අරගලකරුවන්ගෙන් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද උපදෙස් දී තිබෙනවා. නාගරික සංවර්ධන ප්‍රදේශයක තාවකාලික ඉදිකිරීමක් සිදුකෙරෙන්නේ නම් නාගරික සංවර්ධන අධිකාරී පනතට අනුව බලපත්‍රයක් ලබාගත යුතුයි.
The post අරගලය හේතුවෙන් ගාලු මුවදොර භූමියට සිදුව ඇති හානිය රු. ලක්ෂ 49 ක් – නාගරික සංවර්ධන අධිකාරිය appeared first on ITN News.