කෙරවලපිටිය වගුරුබිම් ආශ්රිතව ඇති වූ ගින්න මැඩපැවැත්වීමට හෙලිකොප්ටර් යානාවල සහාය
කෙරවලපිටිය වගුරුබිම් ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වූ ගින්න මැඩපැවැත්වීමට හෙලිකොප්ටර් යානාවල සහාය ලබා ගැනුනා.
මුතුරාජවෙල කෙරවලපිටිය වගුරුබිම් ආශ්‍රිත ප්‍රදේශයක මෙම ගින්න හට ගත්තා. එය නිවා දැමීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදාගනිහින් ගිනි නිවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා.ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ගුවන් හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටර් යානාවක් යොදාගනිමින් අවස්ථා 12 කදී පමණ බම්බි බකට් ආධාරයෙන් ගින්න ඇති වූ ස්ථානවලට ජලය හෙලීමට කටයුතු කෙරුණා. ඩ්‍රෝන යානා යොදාගනිමින් ගින්න පිළිබඳව නිරීක්ෂණ කටයුතු සිදු කිරීමටයි ගුවන් හමුදාව ක්‍රියා කළේ.
The post කෙරවලපිටිය වගුරුබිම් ආශ්රිතව ඇති වූ ගින්න මැඩපැවැත්වීමට හෙලිකොප්ටර් යානාවල සහාය appeared first on ITN News.