අරලියගහ මන්දිරයෙන් භාණ්ඩ සොරකම් කළ දෙදෙනෙක් තවදුරටත් රිමාන්ඩ්
අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළුවී එහි තිබූ රූපවාහිනි යන්ත්ර දෙකක් සහ කැමරාවක් සහිත බෑගයක් සොරාගත් බව කියන සැකකරුවන් දෙදෙනෙක් ලබන 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද (31) නියෝග කළේය.