ට්රම්ප්ගේ නිවසෙන් හමුවූ ලියකියවිලි පරීක්ෂා කිරීමට විශේෂ නිලධාරියෙකු පත්කරනවාද? නැද්ද? තීන්දුව අද
ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවසේ තිබී හමු වූ ලියකියවිලි සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට විශේෂ නිලධාරියෙකු පත්කරන්නේ ද යන්න පිළිබද අධිකරණය අද තීරණය කිරීමට නියමිතයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරය දැරූ සමයට අදාළ ලිපි ලේඛණ තොගයක් පසුගියදා ඔහුගේ නිවස සෝදිසි කිරීමේදී සොයාගැනුනා. ඇමෙරිකා නීතියට අනුව ජනාධිපතිවරයා ධුරය දරන කාලය තුළදී යැවූ ඊමේල් පණිවුඩ ඇතුළු සියලු ගණුදෙනු රජය සතු දේපලක් ලෙස සැලකෙනවා. මෙවැනි තොරතුරු රජයේ ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට භාරදිය යුතු වන අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතැම් ලේඛණ සිය නිවසට ගෙන ගොස් ඇති බවයි එෆ්බී අයි ආයතනය සදහන් කළේ.
මෙම ලේඛණ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන නිලධාරීන් පරික්ෂණ කටයුතු සිදු කර ඇති බැවින් අලුතින් නිලධාරියකු ඒ සදහා පත් කිරීමට අවශ්‍ය නොවන බව අධිකරණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥයන් සදහන් කරන්නේ එෆ්බී අයි සංවිධානය සිදු කළ සෝදිසි මෙහෙයුම ඇමෙරිකා නීතියට පටහැනි බවයි.
The post ට්රම්ප්ගේ නිවසෙන් හමුවූ ලියකියවිලි පරීක්ෂා කිරීමට විශේෂ නිලධාරියෙකු පත්කරනවාද? නැද්ද? තීන්දුව අද appeared first on ITN News.