සෝවියට් දේශය පාලනය කළ අවසන් නායකයාගේ දේහය භූමදාන කිරීමට තීරණය කෙරේ
සෝවියට් දේශය පාලනය කළ අවසන් නායකයා වන මිහායිල් ගොර්බචොෆ්ගේ දේහය භූමදාන කිරීමට මොස්කව් බලධාරීන් තීරණය කර තිබෙනවා.
මිහායිල් ගොර්බචොෆ් 91 හැවිරිදි වියේදී අභාවප්‍රාප්ත වුණා. සෝවියට් දේශයට ප්‍රතිසංස්කරණ ගෙන එමින් සමාජවාදී ක්‍රමය අවසන් කළේ ඔහුගේ පාලන සමයේදී. ඔහු 1985 වසරේදී සෝවියට් දේශයේ නායකයා ලෙස පත් වුණා. ගොර්බචොෆ්ගේ අවසන් කටයුතු සදහා රුසියා නායක ව්ලැඩිමිර් පුටින් සහභාගී නොවන බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ඔහු පසුගියදා හිටපු සෝවියට් නායකයාගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා.
The post සෝවියට් දේශය පාලනය කළ අවසන් නායකයාගේ දේහය භූමදාන කිරීමට තීරණය කෙරේ appeared first on ITN News.