ඩොනල්ඩ් කරුණාරත්න කලාකරුවාට සමුදීමේ සැඳෑවක්
ප්‍රවීණ චිත්‍රපට කැමරා අධ්‍යක්ෂ අභාවප්‍රාප්ත ඩොනල්ඩ් කරුණාරත්න කලාකරුවාට සමුදීමේ සැදෑවක් නිදහස් චතුරශ්‍රයේදි පැවැත්වුණා.
ඔබගේ තෙවන ඇස අපගේ ඇස්වලට වඩා දීප්තිමත්ය. අරුත්බරය. යන තේමාව යටතේ මෙය සිදු කෙරුණා. ඩොනල්ඩ් කරුණාරත්න මහතාගේ ඡායාරූපයකට පුෂ්පෝපහාර දක්වා ඉටිපන්දම් දක්වමින් ඔහුට සමුදීම සිදු කෙරුණා. මෙම අවස්ථාවට ප්‍රවීන කලාකරුවන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් මෙන්ම ඩොනල්ඩ් කරුණාරත්න මහතාගේ රසිකයන් ඇතුළු පිරිසක් සහබාගී වුනා.
ඩොනල්ඩ් කරුණාරත්නයන් චිත්‍රපට 75කට ආසන්න සංඛ්‍යාවකට කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වී තිබෙනවා. අහසින් පොළවට, ගග අද්දර, කරුමක්කාරයෝ, යහලු යෙහෙලි, මලට නොඑන බඹරු, දඩයම, මායා, ක්‍රිස්තු චරිතය, පොරොන්දුව වැනි චිත්‍රපට ගණනාවකම කැමරා අධ්‍යක්ෂවරයා වූ ඩොනල්ඩ් කරුණාරත්නයන් මෑත භාගයේ ප්‍රදර්ශනය වූ සක්කාරං, ස්වරූප සහ වෛශ්නාවී යන සුවිශේෂී නිර්මාණයන්ටද කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුණා.
ජනාධිපති සම්මාන උළෙලයන් හී දී ප්‍රශස්ථ කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් ඩොනල්ඩ් කරුණාරත්නයන් හය වතාවක් සම්මානයට පාත්‍ර වුණා. පසුගිය ජනාධිපති සම්මාන උළෙලේ දී විශේෂ අභිනන්දන උපහාරයකින් ද ඒ මහතා පිදුම් ලැබුවා. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජීවත් වූ ඩොනල්ඩ් කරුණාරත්නයන් මිය යන විට 77 වියේ පසු වුණා.
The post ඩොනල්ඩ් කරුණාරත්න කලාකරුවාට සමුදීමේ සැඳෑවක් appeared first on ITN News.