How can Sri Lankan charities find international donors and partners?

රට ගොඩනගන දෙවන අරගලය අරඹමු – ජනපති

- itnnews.lk

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය අදයි. විශේෂ සැමරුම් උත්සවය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැතිඇමතිවරුන් පිරිසක් ද මෙවර සංවත්සරයට එක්ව සිටියා.

පළමු අරගලය අවසන් අතර රට ගොඩනගන දෙවන අරගලය මෙතැන් සිට අරඹමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සඳහා සියලු පක්ෂවලට කිසිදු බේදයකින් තොරව එක්වන ලෙස
ආරාධනා කරන බව පැවසූ ජනාධිපතිවරයා ඒ තමන් වෙනුවෙන් නොව මතු පරපුර වෙනුවෙන් බලවත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට බවත් කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (06) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය අමතමිනි. ඉදිරි වසර 25ක කාලය තුළ ණය නැති බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් ඔස්සේ කටයුතු කළ යුතු බවත්, වසර පහෙන් පහට වෙනස් නොවන ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් සහිත මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

‘එක්ව රට ගොඩනගමු’ යන්න මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සරයේ ප්‍රධාන තේමාව විය. මෙවර විශේෂත්වය වනුයේ රාජ්‍ය නායකත්වයක් සහිතව එක්සත් ජාතික පක්ෂය සංවත්සර උත්සවයක් පවත්වන‍්නේ වසර 28කට පසුව වීමයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව පවත්වන පළමු සංවත්සරය මෙය වීමද විශේෂත්වයකි. රට ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්වීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන සියලු පක්ෂ නායකයන්ට පක්ෂ සංවත්සරයට සහභාගී‍වන ලෙස විවෘත ආරාධනයක් කර තිබූ අතර, ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ සෙසු පක්ෂ නායකයෝ රැසක් සංවත්සර උළෙලට සහභාගී වූහ.

ඊ. පී. ඩී. පී. නායක ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, මුස්ලිම් කොංග්‍රසයේ නායක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, ජාතික මුස්ලිම් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි, සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර්, ජාතික කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා ඇතුළු දේශපාලන නායකයෝ පිරිසක් සෙසු පක්ෂ නියෝජනය කරමින් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ.

සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්ව රජයේ අමාත්‍යධූර ලබාගත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුද සංවත්සර උත්සවයට පැමිණ සිටියහ. උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණි සියලු ජාතීන්ට අයත් ජනතාවගෙන් ක්‍රීඩාංගණය අතුරු සිදුරු රහිතව පිරී ගොස් තිබිණ.

පක්ෂ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියත් සමඟ සංවත්සර උත්සවය අභිමානවත් අයුරින් ආරම්භ කෙරුණු අතර, පක්ෂයේ ආදීකර්තෘ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ සිට ආදී නායකයන්ගේ පිළිරුවලට පුෂ්පෝපහාර දක්වමින් ගෞරවය පළ කිරීම ද සිදු විය. එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරුවට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද, ඩඩ්ලි සේනානායක මහතාගේ පිළිරුවට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාද, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ පිළිරුවට පක්ෂ උපනායක නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ද, ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පිළිරුවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ද , ආර්. ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ද, ඩී.බී. විජේතුංග මහතාගේ පිළිරුවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ද පුෂ්පෝපහාර දැක්වූහ.

හිටපු මුදල් අමාත්‍ය රොනි ද මෙල් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සංවත්සරය වෙනුවෙන් සිය සුභාශිංසන එක් කළහ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු
මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික සංවිධායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, උපනායක අකිල විරාජ් කාරියවසම්, හිටපු
අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, රවී කරුණානායක, නවීන් දිසානායක, දයා ගමගේ, ඩී. එම්. ස්වාමිනාදන් සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානානායක යන මහත්ම මහත්මීහු මෙම
අවස්ථාවට එක්ව සිටියහ.‍ෙ ජනාධිපති මාධ්‍ය අංශය

 

 

 

The post රට ගොඩනගන දෙවන අරගලය අරඹමු – ජනපති appeared first on ITN News.

You may also like

- colombotelegraph.com

[…]The post Debate Between Presidential Candidates First: A Point Of View  appeared first on Colombo Telegraph.

- adaderana.lk

The Mini Cooperation Afloat Readiness and Training (CARAT) bilateral exercise 2024 between the United States Pacific Fleet and the Sri Lanka Navy came to a successful end on Friday (26).

- island.lk

In the thick of T20 season, in a time of strategic timeouts and blink-and-miss-it innings breaks, the languorous pace of Test cricket punctuated by leisurely tea breaks feels like a distant memory. We throw back to the days before nutrition bars and protein shakes, when tea was a full silver service onfield, when rickety trollies […]

- island.lk

President Ranil Wickremesinghe joined the ‘Wasath Siriya 2024’ Sinhala and Tamil New Year celebration which commenced at the Shangri-La green grounds in Colombo this morning. The celebration saw the participation of a large number of locals and foreigners in the numerous competitions being conducted. In the 2024 Wasath Siriya Marathon for Men, Sri Lanka Army’s […]

- onlanka.com

The Sri Lankan Rupee (LKR) has appreciated against the US dollar (USD) today (April 27), according to the Central Bank of Sri Lanka (CBSL).The post Sri Lankan Rupee appreciated against U.S. Dollar on April 27, 2024 appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- adaderana.lk

High Commissioner Santosh Jha met with the founder of Sri Lanka Podujana Peramuna (SLPP) Basil Rajapaksa on Friday (26).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc