ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු ශ්රී ලංකා නාවික හමුදා භාරයට
මෙරට මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලු වී මසුන් මැරීමේ නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මුලතිව් අලම්පිල් මුහුදු තීරයේදී ඉන්දීය ධීවරයින් 12 දෙනා බහුදින යාත්‍රාවක් ද සමගින් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කළා.
නැගෙනහිර නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් සිදු කළ නිරීක්ෂණයකදී මෙම ඉන්දීය බහුදින යාත්‍රාව පිළිබද තොරතුරු අනාවරණය වීමත් සමග එය අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කෙරුණේ.
ධීවරයින් පිරිස වැඩිදුර විමර්ශන සදහා ත්‍රිකුණාමලය ධීවර පරික්ෂක කාර්යාලයට භාරදීමට නාවික හමුදාව කටයුතු කළා.
The post ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු ශ්රී ලංකා නාවික හමුදා භාරයට appeared first on ITN News.