වැඩි මිලට රූපලාවන්ය නිෂ්පාදන සහ පාසල් උපකරණ අලෙවි කළ වෙළදසැල් 12 කට නඩු
පැරණි මිල වෙනස් කර වැඩි මිල ගණන් යටතේ ළදරු නිෂ්පාදන සහ පාසල් උපකරණ අලෙවි කළ ඇඹිලිපිටියේ වෙළදසැල් 12 කට නඩු පැවරීමට රත්නපුර පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගත්තා.
මේ දිනවල භාණ්ඩ මිල ඉහළ යාමත් සමග වෙළදසැල් හිමියන් සතුව ඇති පැරණි මිල සටහන් තොගවල නව මිල ව්‍යාජ ලෙස සටහන් කර අලෙවි කරන බවට පැමිණිලි ලැබී තිබුණා. ඒ අනුව ගොඩකවෙල උඩවලව ඇඹිලිපිටිය ඇතුළු ප්‍රදේශ රැසක විමර්ශන සිදු කිරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළා. ළදරු සබන්, රූපලාවන්‍ය නිෂ්පාදන, අභ්‍යාසපොත්, පාසල් උපකරණ ඇතුළු භාණ්ඩ රැසක මිල වෙනස් කර අලෙවි කරන බවටයි එහිදී හෙළි වුණේ. ඒ අනුව වෙළදසැල් 12 ක හිමිකරුවන් අත්අඩංගුවට ගත් අතර බැදුම්කරයක් මතක නිදහස් කෙරුණු අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post වැඩි මිලට රූපලාවන්ය නිෂ්පාදන සහ පාසල් උපකරණ අලෙවි කළ වෙළදසැල් 12 කට නඩු appeared first on ITN News.