ඖෂධ ඇනවුම් කිරීමේදී මාස තුනකට එකවර ඇනවුම් කිරීමට ඇමතිගෙන් උපදෙස්
ඖෂධ ඇනවුම් කිරීමේදී මාසයකට නොව මාස තුනකට එකවර ඇනවුම් කිරීමට පියවර ගන්නැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා.
මෙසේ මාස තුනකට එකවර ඖෂධ හා වෛද්‍ය උපකරණ ඇනවුම් කිරීමෙන් ඖෂධ හා වෛද්‍ය උපකරණවල ඇතිවිය හැකි හිගය අවම කර ගැනීමට හැකියාව ඇති වනවා.
ඉදිරි වකවානුව සදහා වන ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික ඖෂධ සැපයුම්කරුවන් පිරිසක්ද මීට එක්ව සිටියා.
ඉන්දියානු ණය ආධාර වැඩසටහන, සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා උපරිම ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී තවදුරටත් සදහන් කළේ.
ආසියානු යටිතල පහසුකම් සම්බන්ධ ආයෝජන බැංකුව හා එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති කාර්යාල ආධාර වැඩපිළිවෙළ යටතේ ඉදිරි මාස හය සඳහා මෙරටට අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළ කරනවා.
මේ අතර හදිසි අනතුරු හේතුවෙන් හා විවිධ රෝගාබාධයන්ට ලක්වීමෙන් සුසුම්නාව ආබාධයකට ලක්වන රෝගීන්ගේ පරිහරණය සදහා රුපියල් මිලියන 10 කට අධික වටිනාකමින් යුත් උපකරණ ලබාදීමට අදාළ ගිවිසුමකට එළඹීමද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු වුණා. අමාත්‍යාංශ ලේකම් ජනක එස් චන්ද්‍රගුප්ත හා එල්ඩීඑස් ආයතනය වෙනුවෙන් ඩේවිඩ් පී හොමර් යන මහත්වරුන් අදාළ ගිවිසුමට අත්සන් තැබුවා.
The post ඖෂධ ඇනවුම් කිරීමේදී මාස තුනකට එකවර ඇනවුම් කිරීමට ඇමතිගෙන් උපදෙස් appeared first on ITN News.