තායිවානයට හමුදා ආධාර ලබාදීම ඉහළ නැංවීමට ඇමෙරිකා සෙනට් මණ්ඩලය කටයුතු කරයි
තායිවානයට හමුදා ආධාර ලබාදීම ඉහළ නැංවීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදය තායිවානයට යුද ආධාර ලබාදීමට සහ නවීන යුද අවි අලෙවි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් චීනයේ විරෝධය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. චීනය පවසන්නේ තායිවානය යනු තම රාජ්‍යයට අයත් දූපතක් බවයි.
කෙසේ වෙතත් තායිවානය ස්වයං පාලනයක් යටතේ ක්‍රියාත්මක වනවා. තායිවානයට වසර 4 ක කාලයක් තුලදී ඇමෙරිකා ඩොලර් බිලියන 4 යි දශම පහක් යුද ආධාර ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. සෙනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණහොත් තායිවානයට ලබාදිය හැකි යුද ආධාර ප්‍රමාණය තවත් ඉහළ නැංවීමට හැකි වනවා.
The post තායිවානයට හමුදා ආධාර ලබාදීම ඉහළ නැංවීමට ඇමෙරිකා සෙනට් මණ්ඩලය කටයුතු කරයි appeared first on ITN News.