ගාලු මුවදොර අරගලයේ කාන්තා හඬ සංවිධානය පැවැත් වූ පාගමනක් පොලීසිය නතර කරයි
ගාලු මුවදොර අරගලයේ කාන්තා හඩ සංවිධානය පැවැත් වූ පාගමනක් නතර කිරීමට පොලීසිය ක්‍රියා කළා. එහිදී පොලීසිය හා මෙම පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ගාලුමුවදොර අරගලයේ කාන්තා හඩ සංවිධානය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද විරෝධතාවක නිරත වුණා.අරගලයට එක් වූ අය අත්අඩංගුවට ගැනීම නතර කරන ලෙසට හා අරගලය මර්දනය කිරීමට රජය ගෙන යන බව කියන වැඩපිලිවෙලට විරෝධය පල කිරීම මෙහි අරමුණයි.
අනතුරුව ඔවුන් කොටුව දුම්රියපොල අසල සිට පොලිස්පති කාර්යාලය වෙත යාම සදහා පාගමනක් ආරම්භ කළා. චැතම් වීදියට ඇතුළුවන ස්ථානයේදී මෙම පාගමන නතර කිරීමට පොලීසිය ක්‍රියා කළා. එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
The post ගාලු මුවදොර අරගලයේ කාන්තා හඬ සංවිධානය පැවැත් වූ පාගමනක් පොලීසිය නතර කරයි appeared first on ITN News.