රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට චීන රජයේ දූත පිරිසට අවසර නැහැ
මහාබ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති දෙවන එලිසබත් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා සහභාගීවීමට නියමිතව සිටි චීන රජයේ දූත පිරිසකට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මහාබ්‍රිතාන්‍යයේ කතානායකවරයායි චීන දූත කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇත්තේ.බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට එරෙහිව චීනය වරක් ක්‍රියාත්මක කළ සම්බාධක පාදක කරගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා. මෙම සිද්ධියත් සමග බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ චීන රජය අතර විටින් විට මත ගැටුම් ඇති වුණා.
කෙසේ වෙතත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කර ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් වෙත කිසිවක් ලිඛිතව දැනුම් දී නැති බවයි. මීට පෙර මහාබ්‍රිතාන්‍යයේ චීන තානාපතිවරයාට පාර්ලිමේන්තුවට ඇතුළුවීම ද තහනම් කෙරුණා.
The post රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට චීන රජයේ දූත පිරිසට අවසර නැහැ appeared first on ITN News.