මැනින් වෙළෙඳපොළ සංකීර්ණයේ පවතින ගැටලු වලට කඩිනමින් විසඳුම්
පෑලියගොඩ මැනින් වෙළෙඳපොළ සංකීර්ණයේ පවතින ගැටලු කඩිනමින් විසඳන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මැනින් වෙළෙඳ සංකීර්ණයේ විශමාචාර්ය ක්‍රියාවල නිරත පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.
පෑලියගොඩ මැනින් වෙළෙඳ සංකීර්ණයේ පවතින ගැටලු පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ පෑලියගොඩ වෙළෙඳ සංගමය ඊට සහභාගී වී සිටියා. පිටස්තර පුද්ගලයින් වෙළෙඳ සංකිර්ණයේ විශමාචාර්ය ක්‍රියාවල නිරත වන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි අමාත්‍යවරයා පොලිසියට උපදෙස් දුන්නේ. වෙළද සංකීර්ණය මගින් වැඩි ආදායම් ලබන ස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි දැනුවත් කෙරුණේ. මැනින් වෙළෙඳ සංකීර්ණය නවීණ තාක්ෂණය සහිත වෙළද සංකීර්ණයක් ලෙස දියුණු කළ යුතු බවට ද අදහස් පළ කෙරුණා. ඒ සඳහා වෙළෙඳුන්ගේ පූර්ණ සහාය අවශ්‍ය බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
The post මැනින් වෙළෙඳපොළ සංකීර්ණයේ පවතින ගැටලු වලට කඩිනමින් විසඳුම් appeared first on ITN News.