හෙරොයින් හා අයිස් මත්ද්රව්ය ජාවාරමේ නිරතවූ 3 දෙනෙකු අත්අඩංගුවට
හෙරොයින් හා අයිස් මත්ද්රව්ය ජාවාරමේ නිරතවූ තුන්දෙනෙකු අලුත්ගම පොලිසිය අත්අඩංගුවට ගත්තා.
පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරු අනවු අලුත්ගම, බේරුවල , මග්ගොන,අබේපිටිය යන ප්‍රදේශවලට සංවිධානාත්මකව හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය මෙම ජාවාරම්කරුවන් බෙදා හැර තිබෙනවා. අලුත්ගම දර්ගා නගරය කේන්ද්‍ර කර ගනිමිනුයි මෙම ජාවාරම සිදුකර ඇත්තේ.
සැකකරුවන් ගමන්කළ ත්‍රී රෝද රථයක් පරික්ෂා කිරීමේ දී හෙරෙයින් ග්‍රෑම් 30ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4ක් අත්අඩංගුවට ගැනුණා. එමෙන්ම මත්කුඩු ජාවාරමට යොදා ගන්නා කුඩා ප්‍රමාණයේ තරාදියක් හා රුපියල් අසූදහසකට ආසන්න මුදලක්ද ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
The post හෙරොයින් හා අයිස් මත්ද්රව්ය ජාවාරමේ නිරතවූ 3 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.