මත්ද්රව්ය හා විවිධ අපචාර කටයුතුවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
මත්ද්‍රව්‍ය හා විවිධ අපචාර කටයුතුවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් එම දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කඹුරුපිටියේදී පැවැත්වුණා.
ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා මෙහි ප්‍රධාන දේශනය සිදුකළා. බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ගෙන් ලද අත්දැකීම් ඇසුරෙන් පාසල් දරු දැරියන් මෙහිදී දැනුවත් කෙරුණා. කඹුරුපිටිය ප්‍රධාන බස් නැවතුම්පොලේ පිහිටවූ ප්ලාස්ටික් බෝතල් බැහැරකරන බහාලුම් කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව වෙත නිල වශයෙන් භාර දීමට ද මෙහිදී සිදුවුණා.
The post මත්ද්රව්ය හා විවිධ අපචාර කටයුතුවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් appeared first on ITN News.