ආසියානු මළල ක්රීඩා තරඟාවලියට සුදුසුකම් ලැබූ තණමල්විල කොල්ලෙක්
ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 18 න් පහළ උස පැනීමේ සමස්ත ලංකා ශූරතාව දිනා ආසියානු ශූරතා මළලක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සදහා සුදුසුකම් ලබා ගැනීමට තණමල්විල බෝදාගම මහා විද්‍යාලයේ දෙනෙත් අනුහස් සමත් වුණා.
මීටර් දෙකයි දශම බිංදුවයි හයක දක්ෂතාවක් පෙන්වමින් ඔහු මෙම ජයග්‍රහණය ලබා ගත්තා. ලබන මාසයේ කුවේට් හි පැවැත්වෙන ආසියා ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට සහබාගී වීමටද ඔහු මේ අනුව සුදුසුකම් ලබා ගත්තා. බෝදාගම මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව් පී සෝමරත්න මහතාගේ උපදෙස් පරිදි නාලක විජේසෝම හා නිලූකා සේනාරත්න යන ගුරුවරුන්ගේ පුහුණුවීම් යටතේ මොහු මෙම දක්ෂතාව දක්වා තිබෙනවා.
ඉතා අඩු ක්‍රීඩා පහසුකම් යටතේ පුහුණුවීම් ලැබූ දෙනෙත් අනුහස් ඉදිරියේදී ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වනු ඇති බවයි බොහෝ දෙනා විශ්වාසය පළ කරන්නේ.
The post ආසියානු මළල ක්රීඩා තරඟාවලියට සුදුසුකම් ලැබූ තණමල්විල කොල්ලෙක් appeared first on ITN News.