අර්බුදය මතින් රට ගොඩනගන හැටි ඇමති සබ්රි ජගත් මහා මණ්ඩලයට කියයි
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුද රටේ සෑම ක්ෂේත්‍රයකම ප්‍රතිසංස්කරණයකට අවස්ථාවක් බව අමාත්‍ය අලි සබ්රි මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරය අමතමින් ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රියේ සැසිවාරය ඇමතූ අමාත්‍යවරයා සඳහන් කළේ එම අභියෝග ජය ගැනීමට වැදගත් අවස්ථාවක් නිර්මාණය වෙමින් පවතින බවයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරය නිව්යෝක් නුවරදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි , නිව්යෝක් හි සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.
The post අර්බුදය මතින් රට ගොඩනගන හැටි ඇමති සබ්රි ජගත් මහා මණ්ඩලයට කියයි appeared first on ITN News.