අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 83 දෙනා අධිකරණ වෛද්යවරයා හමුවට
ඊයේ දිනයේ දී විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් පිරිස අද අධිකරණ වෛද්යවරයා හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණා.
ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව අදාළ ප්‍රදේශවල කුමන අයුරකින් හෝ ජන එක් රැස්වීමක් පැවැත්වීමට නීතියෙන් අවසර හිමි වන්නේ නැහැ. එවැනි පසුබිමක සමාජවාදී තරුණ සංගමය ඊයේ දිනයේ දී ලිප්ටන් වටරවුම අසලින් විරෝධතා පාගමන ආරම්භ කළ අතර මේ හේතුවෙන් අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාව යොදවා තිබුණා. ලිප්ටන් වටරවුමේ සිට කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමටයි විරෝධතාකරුවන් සැලසුම් කර තිබුණේ. කෙසේ වෙතත් ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ඔවුන් ගමන් කිරීමට උත්සාහ දැරිමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය අසල දී පොලිසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. මෙහි දී විරෝධතාකරුවන් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. පොලිසිය පැවසුවේ පවතින නීතිමය තත්වය මත මෙම විරෝධතාව නීති විරෝධී එකක්වන නිසා විසිර යන ලෙස විරෝධතාකරුවන්ට අවස්ථා කිහිපයක දී අවවාද කළ බවයි. එම අවවාද නොතකමින් පිරිස ඉදිරියට ගමන් කිරීම හේතුවෙන් මෙලෙස ජල හා කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරිමට සිදුවූ බව ද පොලිසිය නිවේදනය කළා. මහජනතාවට බාදා ඇතිවීම දේපළවලට හානි වීම සහ අධි ආරක්ෂිත කලාපවලට විරෝධතාකරුවන් ඇතුළුවීම වලක්වාගැනීමේ අරමුණෙන් මේ ආකාරයෙන් පියවරගත් බව ද පොලිසිය වැඩිදුරටත් නිවේදනය කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධික්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මකයි.
The post අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 83 දෙනා අධිකරණ වෛද්යවරයා හමුවට appeared first on ITN News.