විදුලි කප්පාදු කාල සීමාව තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවෙයි – මහජන උපයෝගිතා කොමිසම
නොරොච්චෝලේ තෙවැනි ගල් අඟුරු බලාගාරය කාර්මික දෝෂයක් හේතුවෙන් වසා දමා ඇති අතර ඒ හේතුවෙන් විදුලි කප්පාදු කාල සීමාව දීර්ඝ කිරීමට සිදු විය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ඒ අනුව දෛනික විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවන බවයි.
විදුලිය විසන්ධි වන නිශ්චිත වේලාවන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
දෛනික විදුලි කප්පාදුව පසුගියදා පැය 01 සිට පැය 02 විනාඩි 20 දක්වා දීර්ඝ කරන කෙරුණා.
The post විදුලි කප්පාදු කාල සීමාව තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවෙයි – මහජන උපයෝගිතා කොමිසම appeared first on ITN News.