ශ්රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කටයුතු ඇතුළත් කෘති තුනක්
2022 සැප්තැම්බර් 28 වන දින තොරතුරු සඳහා විශ්ව ප්‍රවේශය පිළිබඳ ජාත්‍යන්තර දිනය (IDUAI) සනිටුහන් කරමින් 2017-2021 කාලය තුළ ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කටයුතු ඇතුළත් කෘති තුනක් මෙම සතියේ නිකුත් කරන ලදී.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කොමසාරිස් නිතිඥ කිෂාලිපින්ටෝ-ජයවර්ධන හා නියෝජ්‍ය සංස්කාරකවරුන් වන ඉන්ෂිරාෆාලික් සහ නිවේධාජෙයසීලන් විසින් මෙම කෘති සංස්කරණය කරන ලදී. මෙහි පළමු කෘතිය ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝග ඇතුළත් ප්‍රායෝගික මාර්ගෝපදේශකය’ අදාළ වෙබ් ලිපිනය සමඟ කොමිෂන් සභාවේ තීරණ සාරාංශ කර වර්ගීකරණය කරයි. දෙවන හා තුන්වන කෘති කොමිෂන් සභා නියෝග සඳහා නීති විවරණ සහ ස්වාධීන පර්යේෂක අශ්විනිනටේසන් සහ නීතිඥ ප්‍රශාන්ති මහින්දරත්න විසින් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු පරීක්ෂා කරන පත්‍රිකා දෙකකින් සමන්විත වේ.
ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පොදුරාජ්‍ය මණ්ඩලීය අධ්‍යයන ආයතනයේ අනුග්‍රහය යටතේ මාධ්‍ය ප්‍රතිපත්ති, නියාමනය සහ නීතිය පිළිබඳ ප්‍රතිසංස්කරණ පරීක්ෂා කිරීම සඳහා 2009 – 2015 කාලය තුළ ශ්‍රී ලංකාවේ නීති විශාරදයින් සහ මාධ්‍ය වෘත්තිකයන් එක් කර ගත් ‘ලංකා මාධ්‍ය ප්‍රතිසංස්කරණ මුලපිරීම‘ (MediaReform Lanka Initiative) මගින් පොත් ඉංග්‍රීසිල සිංහල සහ දෙමළ කෘති ප්‍රකාශයට පත් කර ඇත. එහි සම්පත් ද්‍රව්‍ය කොළඹ මාර්ගා (Marga) ආයතනය විසින් සංරක්ෂණය කර ඇත.
The post ශ්රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කටයුතු ඇතුළත් කෘති තුනක් appeared first on Colombo Telegraph.