ඇමෙරිකා උප ජනාධිපති දකුණු කොරියාවට පැමිණෙයි
ඇමෙරිකා උප ජනාධිපති කමලා හැරිස් දකුණු කොරියාවට පැමිණ තිබෙනවා.
උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා දිනකට පසුවයි ඇමෙරිකා උප ජනාධිපතිවරිය දකුණු කොරියාවේ සංචාරය කරන්නේ. දකුණු කොරියා සහ ඇමෙරිකා හමුදා ක්‍රියාත්මක කළ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට ප්‍රතිචාර වශයෙන් උතුරුකොරියාව මෙම බ්ලැස්ටික් මිසයිල අත්හදා බැලීම සිදු කරනවා.
පසුගිය කාලය තුලදී කොරියා අර්ධද්වීපය ආසන්නයේ ආතතිකාරී ස්වභාවය ශීඝ්‍රයෙන් වර්ධනය වුණා. ඇමෙරිකා උප ජනාධිපතිවරිය උතුරු සහ දකුණු කොරියා දේශසීමාව ආසන්නයටද සංචාරය කිරීමට නියමිතයි.
The post ඇමෙරිකා උප ජනාධිපති දකුණු කොරියාවට පැමිණෙයි appeared first on ITN News.