How can Sri Lankan charities find international donors and partners?

ලෝක කුසලාන ඉලක්ක කර පල්ලකැලේ පැවැති පුහුණු සැසිය සාර්ථකව අවසන්

- srilankacricket.lk

වේග පන්දු යවන්නන්ට උචිත ඔස්ට්‍රේලියානු තණතීරුවලට යම්තාක් සමානකමක් ඇති මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණු සිව් දින පුහුණු සැසිය සැප්තැම්බර් 29 වැනිදා දිනයේදී සාර්ථකව අවසන් විය. නේවාසිකව පැවැති මෙම පුහුණු සැසියේ ප්‍රධානම අරමුණ වූයේ ඔස්ට්‍රේලියානු තණතීරුවල සහ එහි තත්ත්වයන්ට ක්‍රීඩකයින් හුරු කරවීම වේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසු සැප්තැම්බර් 13 වැනිදා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දින 10 ක විවේකයකින් අනතුරුව මෙම පුහුණු සැසියට ඉකුත් 26 වැනිදා පස්වරුවේදී පළමුව සහභාගිවූවේය.

මෙම පුහුණු සැසියේදී හිටපු නායක සහ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීම විශේෂත්වයක් විය. මෙම පුහුණු සැසිය පිළිබඳව සැප්තැම්බර් 28 වැනිදා මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටි කණ්ඩායමේ සහාය පුහුණුකරුවා වූ නවීඩ් නවාස් මහතා සඳහන් කර සිටියේ, ආසියානු කුසලාන ජයග්‍රහණය දැන් අවසන් වී ඇති බවත්, ඉදිරියේදී පැමිණෙන අලුත් තරගාවලියේදී එය ජයග්‍රහණය කිරීමට සැලසුම් දියත් කළ යුතු බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පිතිකරුවා ලෙසින්ද කටයුතු නවාස් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේ, ‘ඔස්ට්‍රේලියාව තුළ තරග ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය සාධක තියෙන නිසා ඒ ගැන අවධනය යොමු කරමින් තමයි මේ පුහුණු වැඩසටහන පවත්වන්න සැලසුම් කළේ” යනුවෙනි.

“විස්සයි-20 තරග රටාව අනුව කිසිම කණ්ඩායමක් අවතක්සේරුවෙන් සලකන්න බෑ. හැම කණ්ඩායමක්ම දක්ෂයි. කොහොම වුණත් ලසිත් මාලිංගගේ පුහුණුව යටතේ අපේ වේග පන්දු බල ඇණිය ශක්තිමත් කරන්න අපි පියවර ගෙන තිබෙනවා” යනුවෙන් නවාස් මහතා අදහස් දක්වා සිටියේය.

මෙම පුහුණු සැසිය සඳහා ආබාධයන්ට ගොදුරුව සිටි වේග පන්දු යවන්නන් වූ දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාරද මාලිංගගේ ගුරුහරු කම් මධ්‍යයේ සිය පුහුණුවීම් වල නිරත වූහ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ඔක්තෝබර් මස 02 වැනිදා අළුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිතය.

The post ලෝක කුසලාන ඉලක්ක කර පල්ලකැලේ පැවැති පුහුණු සැසිය සාර්ථකව අවසන් appeared first on Sri Lanka Cricket.

You may also like

- colombotelegraph.com

[…]The post Using YouTube Live for B2B Marketing: Benefits and Best Practices appeared first on Colombo Telegraph.

- news.lk

President Ranil Wickremesinghe urged political parties, including the Samagi Jana Balawegaya (SJB) and Janatha Vimukti Peramuna (JVP), to collaborate with the government in safeguarding the country’s economic stability by ensuring the success of the agreement with the International Monetary Fund (IMF).

- news.lk

President Ranil Wickremesinghe announced an increase in the daily wage of plantation workers to Rs. 1700. He reiterated his unwavering commitment to addressing the challenges faced by the plantation community, affirming his dedication to safeguarding their rights during his tenure as President.

- colombotelegraph.com

[…]The post Are We Bold Enough For A Radical Change? appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Story Of A Squirrel – An Allegorical Tale appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Our Pint-Sized Loser & The Enduring Alliance Of Two Colombo Families appeared first on Colombo Telegraph.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc