දංඕවිට ප්රදේශයේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට
දංඕවිට ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක මියගොස් තිබෙනවා.
මහනුවර කොළඹ මාර්ගයේ දංඕවිට ප්‍රදේශයේ දී කොල්ලකරුවන් පිරිසක් මත්පැන් අලෙවිසැලකට ඇතුළු වී එය කොල්ලකෑමට උත්සාහ දැරීමේ දී පොලීසිය වෙඩිතබා තිබෙනවා. එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කළ බස් රථයක සිටි කාන්තාවකට වෙඩි වැදීම හේතුවෙන් මියගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරුවලට අනුව පොලීසිය එම ස්ථානයට පැමිණ ඇති බව සදහන්. කොල්ලකරුවන් පලාගොස් ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
The post දංඕවිට ප්රදේශයේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට appeared first on ITN News.